2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

නටන්න පටන් ගත්ෙත හත ෙර්දී.....

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 346

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කියමන වෙනස් කරන්නට හැකි අය ගැන අපිට අහන්නට දකින්නට ලැබුණු අවස්ථාවන් තියෙනවා. හදසර ආලින්දයට ගොඩවෙන්න කියලා අපි ඇරියුම් කළෙත් එවන් දක්ෂතාවලින් පූර්ණ යුවතියකට. ඇයගේ අරන්ගේත්‍රම් ප්‍රසංගය පැවැත්වුණේ මරදාන ටවර්හෝල් රඟහලේදී. ඒ පසුගිය 3 වැනිදා. නර්තනයෙන් වගේම ඇය ක්‍රීඩාවෙන්ද දස්කම්පානවා. ක්‍රීඩාව තුළින් ඇය ජාත්‍යන්තර ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. ඇය රවිදිනි අරැණෝදි සේනානන්ද.

රවිදිනි කියන්න ඔබේ විස්තර 
මම රවිදිනි අරැණෝදි සේනානන්ද. ඉගෙන ගන්නේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. ලබන වසරේ උසස් පෙළ කරන්නේ කලා අංශයෙන්. මට ඉන්නේ අම්මයි තාත්තයි අයියයි අක්කයි. අම්මා වරැණි පෙරේරා, ප්‍රවීණ සුපවේදිනියක් විදියට කටයුතු කරනවා, තාත්තා නම් ව්‍යාපාර කටයුතු කරන්නේ. ඒත් දැන් සමාජ සුබසාධන කටයුතුවලටත් ෙයාමුෙවලා. 

නැටුම්වලට ආසාව ඇති වුණේ කොයි කාලෙද?
පොඩි කාලේ ඉඳන්ම තමා ආසාව ඇති වුණේ. මගේ අත්තම්මා නැටුම් ගුරැවරියක්. ඒ නිසා අත්තම්මා මම පොඩි කාලේදීම වන්නම් එහෙම කියලා දුන්නා. මම නැටුම්වලට කැමති බව අපේ අම්මාට තේරැණා. ඊටපස්සේ මාව නැටුම් පන්තියකට දැම්මා. ඒ මම 4 වසරේදී.

නැටුම් ඉගෙන ගත්තෙ කාගෙන්ද?
පාසලේදී නම් වරැණි ගුරැතුමිය යටතේ උඩරට නර්තනය හැදෑරැවා. ඊටපස්සේ ගුණසීල අඹේවෙල ගුරැතුමා යටතේ මාස 6ක් වගේ කාලයක් ඉගෙන ගත්තා. ඊටපස්සේ චිත්‍රසේන වජිරා කලායතනයේ මම වසර එකහමාරක් වගේ කාලයක් උඩරට නැටුම් ඉගෙනගත්තා. මම භරත නැටුම් ඉගෙන ගත්තා 4 වසරේ සිට අද දක්වාම පද්මිණි දහනායක මිස් යටතේ. රැසියානු තානාපති කාර්යාලයෙන් මම බැලේ සහ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා.

මුලින්ම වේදිකාවේ නැටුමක් ඉදිරිපත් කරද්දී වයස කීයද?
මුලින්ම නම් පෙර පාසැලේදී. 

එතකොට බයක් හිතුණේ නැද්ද?
නැහැ. මට නම් තිබ්බේ බයක් නෙවෙයි පුදුම ආසාවක්. මොකද ආච්චි අම්මා එහෙම ඇවිත් කියනවා අපි බලාගෙන ඉන්නේ ලස්සනට නටන්න ඕනේ කියලා. ඉතින් මමත් පුදුම ආසාවකින් තමා වේදිකාවට ගිහින් නැටුම ඉදිරිපත් කළේ.

පාසැලේදී නැටුම් තරගවල‍ට එහෙම යනවද?
නැහැ. මම පාසැලේ කිසිම නැටුම් තරගයකටවත් නර්තන ප්‍රසංගකටවත් සහභාගිවෙලා නැහැ. මම නැටුම් හදාරන්නේ මගේ තියෙන ආසාවට විනෝදාංශයක් විදියට.

එතකොට පාසැලේදී හැදෑරෑ කලා විෂය මොකක්ද?
මම සාමාන්‍ය පෙළට කළේ චිත්‍ර විෂය. සාමාන්‍ය පෙළ විභාගයේදී මට චිත්‍ර විෂයට A සාමාර්ථයක් තියෙනවා.

ඔබ ක්‍රිඩාවටත් දක්ෂ ‍කෙනෙක් කොහොමද ක්‍රීඩාවට යොමු වුණේ?
පොඩි කාලේ මම චෙස් ක්‍රීඩාව කළා. ඊටපස්සේ 8 වසරේදී මම වූෂූ ක්‍රීඩාව කරන්න ගත්තා. ඒ පටන් ගැන්ම නිසා අද දක්වාම මම වූෂූ ක්‍රීඩාව කරනවා.

ක්‍රීඩාවේ ජයග්‍රහණ ගැන කතා කළොත්?
ඔව්. මම පාසල් ජයග්‍රහණ වගේම අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබලා තියෙනවා. ඔව්. වූෂූ වලින් ආසියාවේ 7 වැනි ස්ථානය වගේම, ලෝක ශුරතාවේ 6 වැනි ස්ථානය මට ලැබුණා.පිටරටකට ගිහින් ලංකාවේ ජාතික කොඩිය ළඟින් හිටගත්තම දැනෙන්නේ ආඩම්බරයක්. හිතට දැනෙනවා, අපි පොඩි අය වුණත් මේ නියෝජනය කරන්නේ අපේ රට නේද කියන හැම. ඒ වගේම තමා ඒ තරගවලින් ජය ගත්තම හිතට පොඩි අභිමානයක් දැනෙනවා රටට යමක් කරන්න පුළුවන් වුණා කියලා.

අමතක නොවන අත්දැකීම් ඇති?
ඔව් ගොඩක්ම තියෙන්නේ ක්‍රීඩාව පැත්තෙන් තමා. මගේ මුල්ම අන්තර් ජාතික අත්දැකීම වුණේ ගිය අවුරැද්දේ තිබ්බ 7 වැනි ආසියානු වූෂූ කනිෂ්ඨ තරගාවලිය. එතැනදී මට හමුවුණා බ_නායි කෝච් කෙනෙක්. එයාට තේරැණා මේ මගේ පළමු තරග අත්දැකීම නිසා මට සමහර දේවල් ගැන අවබෝධයක් නැහැ කියලා. නමුත් එයාට ඒවා මට කියාදෙන්න ටිකක් ඉංග්‍රීසි දැනුම මදි. ඒත් අතින් පයින් අංගචලන වලින් මට ලොකු සහයක් ලබා දුන්නා. ඉතින්  මට ඒ ලබාදුන්න සහයෝගය කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඉදිරි ක්‍රීඩා තරග කටයුතු කොහොමද?
දැන් මම ජාතික සංචිතයේ පුහුණුවීම ලබනවා. එතැනින්  තමා ඉදිරි තරගවලට තෝරා ගන්නේ.මගේ මුල්ම ගුරැවරයා ප්‍රසන්න ජයවීර මහතා. දැන් නම් ජාතික සංචිතයේ පුහුණුකරැවන් තමා මගෙත් පුහුණුකරැවන්.

කොහොමද මේ සියල්ල කරන්න කාලය වෙන් කරගන්නේ?
මම ලොකුවට පාසැල්  වැඩ කටයුතුවලට නම් කාලය යොදවලා නැහැ. නමුත් පාසලේදී ගුරැවරැ උගන්වනදේ ඒ වෙලාවේදීම අවබෝධ කරගන්නවා. ඒ නිසා මට අපහසුවක් වෙලා නැහැ කාලය සම්බන්ධයෙන්.

මේ අංශ තුනෙන් එකක් විතරක් කරන්න වුණා නම් ඔබ තෝරාගන්නේ මොකක්ද?
අනිවාර් යෙන්ම වූෂූ ක්‍රීඩාව. මොකද වූෂූ කියන්නේ මගේ ජීවිතය වගේ. අද මම තැනක ඉන්නවා නම් ඒ ඉන්නේ වූෂූ ක්‍රීඩාව නිසා. 

ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ මොන අංශයෙන්ද?
වූෂූ ක්‍රීඩාවෙන් සහ නීතිය ඉගෙනගෙන නීතිය පැත්තෙන් ඉදිරියට යන්න හිතාගෙන ඉන්නවා.

එතකොට නර්තනය නතර කරනවද?
නැහැ. මම නර්තනය නවත්තන්නේ නැහැ. ඒක විනෝදාංශයක් වුණාට  දිගටම කරනවා.

අපි කතා කළොත් අරන්ගේත්‍රම් ප්‍රසංගය ගැන?
ඔව්. ලබන වසරේ මම උසස් පෙළ කරන නිසා තමා අපි හිතුවේ මේ දෙසැම්බර් මාසේ අරන්ගේත්‍රම් ප්‍රසංගය පවත්වන්න ඕනේ කියලා. ඒ අනුව තමා පසුගිය 3 වැනිදා අරන්ගේත්‍රම් ප්‍රසංගය තිබ්බේ.

කොහොමද ලැබුණු ප්‍රතිචාර?
ඇත්තටම හොඳයි. මට ගොඩක් ආසා හිතුණා මේ අරන්ගේත්‍රම් ප්‍රසංගයේ විශේෂ ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වුණ ඉන්ද්‍රාණි වීරතුංග මැඩම්ගේ කතාවට. ඒ වගේම ආපු හැමෝම මට සුබ පැතුවා. 

අරන්ග්‍රේත්තම් ප්‍රසංගයක් පවත්වන්න කලින් කාලයක් නිර්මාංශ වෙනවා නේද?
ඔව්, මොකද ගොඩක් භක්තියකින් තමා මේ අරන්ග්‍රේත්තම් ප්‍රසංගයක් තියන්නේ. ඒ නිසා තමා නිර්මාංශව ඉන්නේ. 

දැන් කොච්චර කාලයක් එහෙම හිටියද?
සාමාන්‍යයෙන් නම් අඩුම මාසයක්වත් ඉන්න ඕනේ. නමුත් මම වූෂූ කරන නිසා මට සති දෙකක් වගේ තමා ඉන්න පුළුවන් වුණේ. 

අම්මා සුපවේදිනියක් නිසා ගෙදර රසට කෑම හදනවා ඇතිනේ. කොහොමද ඉතින් නිර්මාංශවෙලා හිටියේ? 
ඔව්, රසට කෑම හදලා දෙනවා. ගොඩක් වෙලාවට ඉතින් පෝෂණය ගැන හිතලා තමා කෑම හදලා දෙන්නේ මොකද මම ක්‍රීඩා කටයුතු කරන නිසා. 

අරන්ග්‍රේත්තම් ප්‍රසංගයේ දී හිතට මොකද දැනුණේ? 
මුලින්ම නම් හිතට පොඩි චකිතයක් ආවා. මුල්ම අංගය ඉදිරිපත් කරන්න වේදිකාවට එද්දී චකිතයක් ඇති වුණා. ඒත් ඒකෙන් පස්සේ මගේ හිතට ලොකු ආශිර්වාදයක් ආවා. අනිත් දවසටත් වඩා හොඳට මට කරගන්න පුළුවන් වුණා.

ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
කියන්න බැරිතරම් සහයෝගයක් ලැබෙනවා. අද මම මේ තැන ඉන්නේ ඒ ලැබෙන සහයෝගය නිසා. මට ලැබෙන ලොකුමදේ තමා අධ්‍යාපන කටයුතුවල ගෙදරින් මට ලොකු පීඩනයක් දෙන්නෙ නැහැ. එයාලා මගේ කැමැත්ත සහ මගේ හැකියාවන් හරිහැටි අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් මට හැමවෙලාවෙම කියන්නේ හැමදේම සමබරව කරගෙන යන්න කියලා.

අනාගත ඉලක්ක මොනවද?
මම ලොකුවට අනාගතය ගැන හිතාගෙන නැහැ. මම හැම වෙලාවෙම හිතන්නේ අද කරන්න තියෙන දේ ගැන. මම විශ්වාස කරනවා අද හරියට වැඩ කළේ නැත්නම් හෙටක් නැහැ කියලා. ඒ නිසා අනාගතයට වඩා මම වර්තමානය ගැනයි හිතන්නේ.

♦ අනූෂා රණසිංහ
සේයාරෑ - විල්තෙර